යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් බවට චෝදනා ලැබූ සැකකරු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (13) නියෝග කළා.
වැලිකඩ පොලීසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අනාවරණය වූයේ ඔහු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවයි.
ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත්, අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී පවා ඔහුගේ ශරීරයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අන්තර්ගතව තිබූ බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
මෙම සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්ව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබා නිදහස් වූ අයෙකි .