වර්ධරාජා පෙරුමාල් පළාත් සභා ඡන්දයට දෙමළ පක්ෂ එකතු කරයි .

පළාත් සභා මැතිවරණය තවමත් නිළ වශයෙන් කැඳවා නැතත්, ඊට මුහුණදීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට දෙමළ දේශපාලන පක්ෂ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මර්ග පවසයි .

ජාතික ජන බලවේගය ඉකුත් මහ මැතිවරණයේදී දෙමළ ප්‍රදේශවල විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීම නිසා පලාත් සභා මැතිවරණයට එක්ව තරග වැදීමේ අවශ්‍යතවය උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ වටහාගැනිම නිසා මෙම සාකච්චා සාර්ථකව ඉදිරියට යන බව වාර්තා වෙයි .

මෙරට පැවති පළමු පළාත් සභා මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ලෙස පත්වූ වර්ධරාජා පෙරුමාල්ගේ මූලිකත්ත්වයෙන් මෙම සාකච්චා පැවැත්වෙන බව වාර්තා වේ.