අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය වයස ඉක්මවා සිටියදීත් තවදුරටත් කාදිනල් තනතුර දැරීමට අවස්ථාව දෙන්නැයි වතිකානුවෙන් ඉල්ලීමක් කළ බවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍ය බව අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසනවා.
තමාගේ වයස 75ක් බව කාදිනල් හිමියන් වතිකානුවට ලිඛිතව දැනුම් දුන් බවත්, තවදුරටත් කාදිනල් තනතුරේ රැදී සිටීමට අවස්තාව දෙන්නැයි ඉල්ලීමක් නොකළ බවද පියතුමන් වැඩිදුරටත් එහිදී කියා සිටියා.
“කාදිනල් හිමියන් තවදුරටත් රාජකාරී කළ හැකි මට්ටමක සිටින නිසා එම තනතුරේ රැදී සිටින ලෙසට”, කාදිනල් හිමියන්ගේ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින්, වතිකානුව දන්වා සිටි බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පැවසුවා.
වැඩිදුර විස්තර මෙතැනින් බලන්න