වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබා දෙන්න අපි සූදානම් – ඇමති මනුෂ

වතු කම්කරු වැටුප ඉහළ දැම්මා සේ ඉදිරියේ දී වතු කම්කරුවන්ගේ යහපත උදෙසා ඉදිරියේ දී බොහෝ කටයුතු සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කට‍යුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියා.

අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700කින් ඉහළ දැම්මා මෙන්ම වැඩිවන සෑම දළු කිලෝවකටම රුපියල් 80ක මුදලක් වැඩියෙන් ගෙවන්නත් අවශ්‍ය තීරණ ගත් බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

“ඉදිරියේ දී වතුයායවල්වල ගම්මාන හදලා වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබා දෙන්න වැඩපිළිවෙලක් හදන්න ජනාධිපතිතුමන් උපදෙස් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් විදියට හිමිවිය යුතු සියලු අයිතීන් වතුකම්කරුවන්ට ලබා දෙන්නත් ආණ්ඩුව සූදානම්” බව එම අවස්ථාවේ දී සභාව අමතමින් මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂ කැමැත්තක් නොමැති බවත් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු ජනතාවට බොරු පොරොන්දු දී ඡන්දෙ ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී තිබුණු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

අමාත්‍යවරයාගේ කතාව මෙතැනින් බලන්න

https://www.facebook.com/share/v/4Hgt2EmLEvFFzRjf/?mibextid=oFDknk

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!