රට තුළ වැඩිවෙමින් පවතින අපරාධ මර්ධනය කරනු වස් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවම පොලිසියේ ලියාපදිංචි කර ගැනීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. පාර්ලිමේන්තුවේදී අද ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කොළඹ ප්‍රදේශයේ පදිංචි දමිළ ප්‍රජාව පොලිසියේ ලියාපදිංචි කරන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය ටිරාන් අලස් එහිදී ප්‍රකාශ කළේ ජනවාර්ගික භේදයකින් තොරව ලංකාවේ සමස්ත ජනතාවම එලෙස ලියාපදිංචි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.
මේ සඳහා භාෂා තුනෙන්ම මුද්‍රණය කරන ලද ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍ර බෙදා හැරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කඍඅ සිටියේය.
ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකු හඳුනා ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලාංකීය ජනගහනය පිළිබඳ අන්තර්ජාල දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු එහිදී සඳහන් කර සිටියේය.