රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුනු ප්‍රහාර මාලාවක්

යුක්‍රේන අගනගර සහ තවත් නගර කිහිපයක් වෙත රුසියාව දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇත.

අද උදෑසන බටහිර හා දකුණේ Kyiv සහ Odesa සහ අනෙකුත් නගරවල නේවාසික ගොඩනැගිලිවලට එල්ල වූ එම ප්‍රහාර මාලාවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 18 දෙනෙක් මිය ගොස් 132 දෙනෙක් තුවාල ලබා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy පැවසුවේ ප්‍රහාරයේදී රුසියාව ආසන්න වශයෙන් මිසයිල 110ක් දියත් කර ඇති බවයි. “අද, රුසියාව සිය අවි ගබඩාවේ සෑම වර්ගයකම ආයුධයක්ම පාහේ භාවිතා කළ බවත් මාතෘ රෝහලක්, අධ්‍යාපන මධ්‍යස්ථානය, නේවාසික මහල් නිවාස ඇතුළු සිවිල් ඉලක්ක වලට ඔවුන් පහර දුන්නා” Zelenskiy ඔහුගේ සමාජ මාධ්‍ය නාලිකාවල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

”අපි නිසැකවම ත්‍රස්තවාදී ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමු. තවද අපගේ මුළු රටේම, සෑම නගරයකම සහ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සඳහා අපි දිගටම සටන් කරන්නෙමු. රුසියානු භීෂණය නැති විය යුතු අතර නැති වනු ඇත.” යුක්‍රේන ජනාධිපති වරයා වැඩි දුරටත් සඳහන් කලේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!