රැඳවුම් බාරයේ සිටි සුරේෂ් සලේ රෝහල් ගතකරයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇත .

වාර්තවන පරිදි ඔහු අද (25) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු වෙනුවෙන් දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇත .

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් ඔහුගෙන් මේ වන විටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතී.