අද (22) පාර්ලිමේන්තුවේ දී IMF විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳ අදහස් දක්වමින්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ දී ගන්නා පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ
” යම් යම් සීමාවන්ට යටත්ව උද්ධමනයට සරිලන ලෙස ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට නියමිත බවයි”
රාජ්‍ය වියදම් කළමනාකරණය …..
*රජයේ වියදම් සඳහා ලබාදෙනවා ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර.
*ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළ උද්ධමනයට සරිලන ලෙස වැටුප් හා විශ්‍රාම වැටුප් ගැලපීම.
*ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා.
*ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.
*සෑම 6 මසකට වරක්ම විදුලිබිල ගැලපීමට පියවර ගන්නවා.
*මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල මණ්ඩලය ආයතනවල ශේෂපත්ර යළි සකස් කරනවා.
*ස්වෛරීය ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීම.