මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේන බව වාර්තා වේ.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වන විට මුද්‍රණය කර තිබේන බවත් එම කටයුතු සඳහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බවත් වාර්තා වේ.
එම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් 200කට වැඩි පිරිසකට දීමනා ලබාදීමට නොහැකි වී ඇති බවය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ මුද්‍රණාලය සඳහන් කළේය.