ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ ලංකාවේ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත්වීමට නියමිතය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල දී, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ.
රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවේ.