රනිල්ගේ උපදේශකයෙක් අත් අඩංගුවට

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.