රත්න ශ්‍රී ගේ වතුර වීදුරුවට කෙළ ගැසුවේ කවුදැයි සොයන්නට පරීක්ෂණයක් .

හොරණ නගර සභාව මගින් සංවිධානය කරනලද සාහිත්‍ය උළෙලේ ආරාධිත දේශකයා ලෙස පැමිණි ප්‍රවීන කවියෙක් වන රාත්නශ්‍රී විජේසිංහයන් එහිදී මුහුණ දුන් බව පැවසෙන සිදුවීමක් සම්බන්ධ පුවතක් සමාජ මාධ්‍යහී සංසරණය වෙයි .

ඒ අනුව උත්සවය අතර තුරු රත්න ශ්‍රී විජේසිංහ වතුර වීදුරුවක් ඉල්ලා ඇත. එහිදී ඔහුට ලබාදුන් වතුර වීදුරුවට වැඩසටහනේ පූරක විසින් කෙල ගසා ඇති අතර එහි සිටි පිරිස මැදිහත්වී එම වතිර වීදුරුව ඉවත් කර ඇත .

මෙම සිදුවීම ගැන අප හොරන නගර සභාවේ සභාපාති අනිල් ඉන්දික ගෙන් විමසූ අතර එහිදී ඔහු පැවසූවේ එම සිදුවීමට අදාලව පරීක්සනයක් පැවැත්වෙන් බවයි . මෙම සිදුවීම ගැන පළාත් පාලන කොමසාරිස් විසින් පත්කරනා ලද කමිටුවක් විසින් සිදුකරනා පරික්ෂනයට අමතරව ආයතනික මට්ටමින්ද පරීක්ෂණයක් පවත්වන බවයි.

” සමාජ මාධ්‍යහී මෙම සිදුවීම සංසරණය වෙමින් පවතිනවා. අප ඒ පිළිබඳව පරීක්ෂණයක පැවැතිවීමට කටයුතු කරනවා. මෙවන විට පළාත් පාලන කොමසාරිස් විසින් පත්කළ කමිටුවක් ඒ ගැන පර්5ඊක්සණයක් කරනවා. අපිත් ආයතන මට්ටමින් මේ ගැන සොයා බලනවා. නීතියට උඩින් කිසිවෙක් නෑ. ”