යුරෝපයට යන්න ශ්‍රී ලංකන් ගුවන්සේවය අළුත් පාරක් හොයගනී

මැද පෙරදිග ගුවන් කළාපය වසා දැමීම නිසා සිය යුරෝපීය ගමනාන්ත වෙත පිවිසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් මාර්ගයක් තෝරාගෙන ඇති බව වාර්තා වේ . ඒ අනුව ඇෆ්ගනිස්ථානය සහ අසර්බයිජානය හරහා ශ්‍රී ලංකන් ගුවන්යානා යුරෝපර වෙත පිවිසීමට නියමිතය .

ඉරානයටට එල්ලකරනා ඇමරිකා-ඊශ්‍රායල ප්‍රහාරයත්, ඉරානය විසින් ගල්ෆ් කළාපයේ රටවල් වෙත එල්ලකරනා ප්‍රහාරත් නිසා මැද පෙරදිග ගුවන් කළාපය බොහෝ දුරට වසා දමා ඇත.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල ඩේලි මිරර් වෙත පැවසුවේ මාර්ග වෙනස් වීම හේතුවෙන් ලන්ඩනයට යන ගුවන් ගමන් කාලය පැය එකහමාරකින් වැඩි වී ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් සමාගමට සිදුවූ මූල්‍යමය පාඩුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසූවේ එය විශාල විය හැකි නමුත් නිශ්චිත මුදල තවමත් තක්සේරු කර නොමැති බවය.