යුනිසෙෆ් සංවිධානය X අවකාශයේ සටහනක් තබමින් පවසන්නේ මැදපෙරදිග කලාපයේ යුදගැටුම් හේතුවෙන් ආසන්න වශයෙන් දරුවන් 192ක් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම පිරිස අතුරින් දරුවන් 181 දෙනෙකුම ඉරාන ජාතික දරුවන් බව එම පණිවිඩයේ සඳහන් වෙයි .
ඉරානයට එල්ල වූ ප්‍රහාර අතරින් එක් ප්‍රහාරයක් ඉරානයේ මිනාබ්හි ෂාජාරේ ටයෙබේ ප්‍රාථමික පාසලටත් එල්ල වූ අතර ඉන් එහි සිසුවියන් 168 දෙනෙකු ඉන් මරුමුවට පත්වුණි.
මියගිය දරුවන් 7 දෙනෙකු ලෙබනන් ජාතික දරුවන් වන අතර, තිදෙනෙක් ඊශ්‍රායල ජාතිකයින් බවත්, එක් දරුවෙකු කුවෙට් රාජ්‍යයේ දරුවෙකු බවටත් තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරින් වාර්තා කරන්නේ ඔවුන් සාර්ථකව ඉරාන ඉලක්ක 3,000කට පමණ ප්‍රහාර එල්ල කළ බවය.