මෝදි දිවුරුම් දෙද්දී ‘ඉන්දියාව කැළඹු’ සත්ත්වයා

තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ සිටි දිවියෙකු වැනි සතෙකු සිටින වීඩියෝවක් පිළිබඳව ඉන්දියාවේ කතාබහට ලක්වනවා.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර කරන අවස්ථාවේදී සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව පටිගතකර තිබෙනවා.

සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් ඒ දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මතපළ කර තිබුණා.

ඒ සමග ඉන්දීය ජනාධිපති මන්දිරය වන රශ්ට්‍රපති භවන්හි ආරක්ෂක අංශය මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි දැක්වුණේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවන සත්ත්වයා පූසෙකු බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!