මාලදිවයින ජනරජය සදහා පත් කළ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන්, ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙත සිය අක්තපත්‍ර ප්රදානය කිරීමෙන් පසුව එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වූ අතර මාලදිවයින සදහා පත්වූ නව මහ කොමසාරිස්වරයාට, විදේශ කටයුතු ඇමැතිවරයාගේ උණුසුම් සුබපැතුම් හිමිවිය. අමාත්‍ය ආචාර්ය කලීල් සහ මහ කොමසාරිස් හසන් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින දිගු කාලීන ද්වි පාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ක්‍රම පිළිබද සාකච්ඡා කරනු ලැබීය.
විශේෂයෙන්ම අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය සදහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය මාලදිවයින් විදේශ කටයුතු ඇමැතිවරයාගේ අගය කිරීමට ලක්විය. දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සදහා නව මාර්ග කෙරෙහි යොමුවීමට සූදානම් බවට මහ කොමසාරිස්වරයා සහතිකය වූවේය.
මෙම අවස්ථාව සදහා මාලදිවයින් විදේශ කටයුතු ඇමැතිවරයා සමග අමාත්‍යාංශ ලේකම් අමිනාත් ශබීනා, තානාපති අබ්දුල්ලි හමීඩ්, අතිරේක ලේකම් අබ්දුල්ලා ඩිඩ්ද එක්ව සිටියහ.