මහනුවර මහියංගණය ප්රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ආශ්රිතව ගල් හා පස් කඳු පෙරළීමේ අවදානමක් පවතින බැවින් වාහන ධාවනය කිරීමේදී දැඩි විමසිලිමත් වන ලෙස මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉල්ලා සිටියි.
අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය දැඩි අවදානම් කලාපයක් බවට ශ්රී ලංකා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ වන විට 18 වංගු කලාපයට සුළු වශයෙන් ගල් හා පස් පෙරළීම් සිදුවන බවත් එම මාර්ගයේ වාහන ගමන් කිරීම සීමා කිරීම හෝ ධාවනයේදී දැඩි විමසිලිමත් වන ලෙසත් දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත තව දුරටත් ඉල්ලා සිටියි.
නදීක දයා බණ්ඩාර – මහනුවර