මීගමුව අධිකරණය අසළ මළ සිරුරක්.

මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙතෙක් මියගිය කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නොනොමැති අතර ඇය අවුරුදු 40 – 45ත් අතර වයසේ පසුවන අයෙක් බවත් සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 5ක් පමණ කාන්තාවක් බවත් පොලීසිය පවසයි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *