මැලේසියාවේ අවන්හලකදී මිය ගිය තරුණයාගේ සිරුර ලංකාවට

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන විත් තිබෙනවා.

මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ ප්‍රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇති අතර සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටි ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටියා.

මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙද්දී ඔහු මියගොස් තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!