ඇමරිකාව සහ ඊශ්රායලය විසින් ඉරානයට පහර දීමත් සමග අත්හිටුවන ලද ගුවන් ගමන් ඊයේ යළි ආරම්භ කළ බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසයි .
ඒ අනුව Fits Air ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය ඊයේ පස්වරු 01.20 ට කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කරයි .
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ගමන් ගෙන සිටි බව වාර්තා වේ.
ඊට අමතරව Air Arabia ගුවන් සේවයට අයත් G-9509 දරණ ගුවන් යානයද ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා නුවර බලා බලා පිටත්ව ගොස් තිබේ.
සීමිත කාලසීමවක් සඳහා මැදපෙරදිග ගුවන් කළාපය විවෘත වන අතර එම කාලසීමාවේදී මෙලෙස ගුවන් යානා මැදපෙරදිග වෙත පියාසර කරන බව වාර්තා වෙයි.