මැදපෙරදිග ඇමරිකානු කඳවුරු සියල්ලට ඉරානය පහර දෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අද ඉරානයේ හඳුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර හේතුවෙන් ඉරනයේ සැලකිවයුතු පිරිසක් මිය යන්නට හෝ තුවාල ලබා ඇතිබව වාර්තාවේ .

මෙම හදිසි ප්‍රහාරය පිළිබඳව සිය ටෲත් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ එය ඉරානයේ හමුදා හැකියාවන් විනාශ කිරීමට සහ න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමේ තර්ජනය තුරන් කිරීමට සිදුකළ දැවැන්ත මෙහෙයුමක් බවයි.

ඉරාන විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනුයේ තම මව්බිම ආරක්ෂා කරන බවත්, ඒ අනුව ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මෙන්ම ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර මගික් බහරේන්, කුවේට් සහ කටාර් පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථාන ඉලක්ක කරප්‍රහාර එල්ල කළ බවත් ය.

ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, දකුණු ඉරානයේ බාලිකා පාසලක අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු මිය ගොස් තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවරට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය පවසයි.