අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන, මන්ත්‍රීනි දිස්නා නෙරංජලා, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලීසිය පවසයි .
එමෙන්ම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් රජයේ විදුහල්පතිවරයාගේ දේපළ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවද පොලිසිය පවසයි .
එහිදී අත් අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 185 යි මිලිග්‍රෑම් 400 ක බරකින් යුත් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි . සිද්ධියට අදාළ සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි .