මාලදිවයින් දූපත් සමීපයේ භූ කම්පන මාලාවක්

මාලදිවයිනට ඉතා සමිපව ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් අද උදෑසන භූමිකම්පා හතරක් සිදුවූ බව භූ කම්පන දත්ත සහ සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

එම භූකම්පනයන් රික්ටර් පරිමාණයේ 4.8, 5.2, 5.8, සහ 5.0 වශයෙන් සටහන් වන බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම භූ කම්පන නිසා ශ්‍රී ලංකාවට සුනාමි තර්ජනයක් නොමැති බව සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!