මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි .

හිටපු අමාත්‍යවරයෙකු සහ ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ වයස අවුරුදු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. මිය යනවිට ඔහු 92 වැනි වියේ පසුවිය .

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ඔහු මිය යන විටත් ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරමින් සිටියේය. අවස්ථා කිහිපයකදී අමාත්‍ය ධුර කිහිපයක් දරූ ඔහු , ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ උත්සාහයන් සහ ජාතික සංහිඳියා වැඩසටහන් සඳහා දායකත්වය ලබාදුන් චරිතයක් ලෙස ප්‍රසිද්ධ විය.

ලංකා සම සමාජ පක්ෂයේ දිගුකාලීන නායකයෙකු වූ ඔහු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයට පත්කරන ලද අතර පසුව දේශපාලන සංවාදය තුළින් වාර්ගික ආතතීන් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් උත්සාහයන්හි කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළේය.