මව්බිම ජනතා පක්ෂය ‘ මැයි දිනයේ ‘ අලුත් වැඩක

“මැයි දිනය ඇයි” යන්න සම්බන්ධයෙන් කථිකාවතක් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ සහභාගිත්වයෙන් අද පැවැත්වුණා.

පක්ෂයේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලාංකීය ශ්‍රම බලකාය නියෝජනය කරමින් පිරිසක් ද මිට එක්ව සිටියා.

එහිදී දිලිත් ජයවීර මහතා මෙලෙස අදහස් පළ කළා.

”අපි මේ රටේ ආදර්ශමත් පක්ෂයක්, මේ රටේ අනාගතය සඳහා පෙරමං තනන පක්ෂයක්. අන්න ඒක නිසා අපි සම්ප්‍රධායික දේශපාලන පක්ෂවල සම්ප්‍රධායික මැයි දින රැලිවලින් ඉවත්වෙලා ව්‍යවසායකත්වය තුළින් සාධනීය මානව ප්‍රාග්ධනය නිර්මාණය කිරීම උදෙසා ”මැයි දිනය ඇයි” කතිකාවත මෙසේ ආරම්භ කරනවා.

නමුත් මේ සම්ප්‍රධායික පක්ෂවල මැයි දින රැලි යන්නේ කොහෙද ? අද ප්‍රධාන පක්ෂ පවත්වන මැයි රැලි වලින් දෙකක් වත්මන් පාලක පක්ෂයේ ඒවා. මේ සේරම මැයි රැලි අවසානයේ නතර වෙන්නේ ජාවාරම්කාර ව්‍යාපෘති විදියට. අපි දන්නවා මේ අවුරුදු දෙක තුල මේ ශ්‍රමික ජනතාවගේ වියදම තුනෙන් දෙකකින් වැඩි වෙලා ආදායම තුනෙන් එකකින් අඩුවෙලා.

ආණ්ඩුව අද ඒක ද සමරන්නේ. අපට අවශ්‍යය මේ රටේ හැමදාම දුක්විඳින ශ්‍රමිකයිගේ හැඟීම්, දැනීම් අභිප්‍රේරණය කරමින් ඔවුන්ගේ ජීවිතය වඩාත් සතුටින් ගත කරන ජිවිතයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ සඳහා අපි අපගේ ප්‍රයෝගික උපාය මාර්ගික සැලැස්ම ඔබ ඉදිරියේ තැබීමට සුදානම්.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!