මැදපෙරදිග උත්සන්න වන ගැටුම් මධ්‍යයේ, ගල්ෆ් ගුවන් සමාගම් තුනක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සිය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කර ඇති ඉල්ලීමට ශ්‍රී ලංකා රජය තවමත් අනුමැතිය දී නැතිබව වාර්තා වේ .
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ආරම්භ වූ යුද්ධය හේතුවෙන් මැදපෙරදිග ගුවන් අවකාශය බොහෝ දුරට වසා දමා ඇත. මත්තල ගුවන්තොටුපොළේ සිට කාර්ය බහුල යුරෝපා ගුවන්පතයට කඩිනමින් පිවිසිමට හැකි වීම සහ ලෝකයේ විශාලතම ගුවන් යානා පවා මත්තලට ගොඩබෑමට හැකි විම නිසා මෙම ඉල්ලිම ඇතිවී තිබෙනා බව ගුවන් සේවා ප්‍රවීණයෝ පවසති .
විදේශ අමාත්‍යාංශය, අදාළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ, දැන් මෙම ඉල්ලීම තක්සේරු කරමින් සිටී
එමිරේට්ස්, කටාර් එයාර්වේස් සහ එටිහාඩ් යන ගුවන් සමාගම් තුන විසින් මෙම ඉල්ලීම කර ඇත .