2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා වන සිව් මසක කාලය සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව් 04 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd. පිරිනමා ඇත.
මේ සඳහා ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවන ලදි . ඒ සඳහා ලංසුකරුවන් 06 ක් ඉදිරිපත්ව ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව මෙම ටෙන්ඩරය සිංගප්පූරු සමාගමට ප්‍රධානය කිරීමට බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .