බූරූමූණාට පනින්න උදව් කළ තවත් හතරක කොටු වෙයි.

කටුනායක ගුවන්තොටුපොළ පොලීස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට අත්අඩංගුවෙන් පළායාම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ‘වන බූරූමූණා පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය 24 වනදා පළා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, රැකවරණය සලසා දීම, ආහාර පාන පහසුකම් ලබාදීම ඇතුළු චෝදනා මත සෙසු සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් කටුවැල්ලේගම, මීගමුව, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.ඔවුන් භාවිත කළ මෝටර් රථ 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *