බුදු පිළිමයක් අත් අඩංගුවට ගත් ලෝකයේ මුල්ම නායකයා අපේ ජනාධිපති බව ගම්මන්පිල කියයි .

කොළඹ දී පැවති මහජන හඩ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසූවේ වත්මන් ජනාධිපතිවරයා බුදු පිළිමයක් අත් අඩංගුවට ගටහ් ලෝකයේ පළමු පාලකයා ලෙස ඉතිහසයට එක්වෙන බවය. එය ජීවමාන බුදුන් අත් අඩංගුවට ගැනීමට සමාන පව්කාර ක්‍රියාවක් බවද ඔහු පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමෛන් ඔහු මෙසේ පැවසීය.

”21 වෙනිදා මේ ආණ්ඩුවේ ආවසානය ආරම්භ කිරිම සනිටුහන් කරන නුගේගොඩ රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, පොදු පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජනතා සේවක පක්ෂය, නව ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂත් සත්‍ය ගවේෂකයෝ ඇතුළු බහුජන සංවිධාන ගණනාවකුත් සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා.

විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩු විරෝධයට තමන්ගේ සහය දැක්වීම සංකේතවත් කරන්න මහජනතාව අතර සිටිමින් රැස්වීමට සහභාගි වන බවට අපට දැනුම් දී තිබෙනවා. සහභාගී නොවන සමහර පක්ෂ රැස්වීමට සුබ පතලා තියෙනවා. ඒ සහෝදරත්වයට අපි හිස නමා ආචාර කරනවා.

අපට තිබෙන සීමිත සම්පත් එක්ක මේ රැස්වීම සංවිධානය කරද්දී අපිට තිබුන ලොකුම ගැටලුව තමයි. කොහොමද මේ රැළියට ප්‍රචාරයක් ලබා දෙන්නේ කියන එක ලංකා ඉතිහාසයේ විපක්ෂයේ රැලියකට ලැබෙන ලැබුන වැඩිම ප්‍රචාරය මේ වන විට 21 වෙනිදා රැස්වීමට ලබා දිලා තිබෙනවා. ජනාධිපතිතුමන් අයවැය කතාවේදිත් ඒ වගේම ඉල්විරු සමරු කතාවේදීත් වැඩි ඕන්නෑ ඊයේ පාර්ලිමේන්තුවට දුවගෙන ගිහිල්ලා ත්‍රිකුණාමලයේ බුදුපිළිම පිළිබඳ කරපු කතාවේදීත් නුගේගොඩ රැළිය සිහිපත් කරන්න අමතක කරේ නෑ. ආණ්‍ඩුවේ මැති ඇමතිවරුන් දිනපතා සිහිපත් කරමින් රැස්වීම සාර්ථික කර ගන්න විපක්ෂයේ අපේ සහෝදර පක්ෂ වගේම ආණ්ඩුව පැත්තෙනුත් අපිට ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරනවා.

රැළිය පවත්වන්න තව දවස් දෙකක් තිබෙනවා. රැලිය පවත්වන්නත් කලින් මේ රැලිය ඉතිහාසයේ සාර්ථකම රැලියක් බවට පත් වෙලා ඉවරයි. ආණ්ඩුවක් මෙතරම් බියට පත් වුණු රැළියක් ඉතිහාසය පුරාම තිබිලා නෑ.

ත්‍රිකුණාමලලේ බුදු පිලිමය සිදුවීම 21 රැස්වීමට සෙනග ගෙන ඒමේ අපේ උපක්‍රමයක් කියලා ආණ්ඩුවෙන් චෝදනා නගනවා. එතකොට සාකච්ඡාවකට ගිහින් ස්වාමින් වහන්සේලාට චන්ඩි පාට් දාන්න එස්එස්පී එතැනට යැව්වේ අපි ද. වැට කපලා ස්වාමින් වහන්සේලාට පහර දීලා බුදු පිලිමය පැහැර ගන්න පොලිසියට උපදෙස් දුන්නේ අපිද .

දෙහිවල මහ නගර සභාවේ බුදු පිලිම එතනින් ඉවත් කරන්න උපදෙස් දුන්නේ අපි ද. ප්‍රාදේශීය සභාවල පන්සිල් ගැනීම තහනම් කලේ අපි ද. මෙහිණින් වහන්සේට කුනුහරුපනේ බැන්න අගෝස්තීනු අපේ පක්ෂයක ද. පිළිම වන්දනාව ගෝත්‍රිකයි කිව්ව බිමල් රත්නායක මැතිතුමා අපේ කෙනෙක් ද. බෝ ගස කියන්නේ කිසිම වැඩකට නැති ගහක් කිව්ව නලින් හේවගේ මැතිතුමා අපේ කෙනෙක් ද. බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා කියලා මැතිවරණ ප්‍රකාශනයට දැම්මේ අපි ද.

බුදු පිලිමයක් අත්අඩංගුවට ගත් ලංකා ඉතිහාසයේ පළමු පාලකයා විධියට ජනපති අනුර ඉතිහාසයට එක් වෙනවා. ඒක බුදුන් වහන්සේ අත්අඩංගුවට ගත්තා වගේ පව්කාර වැඩක්. දෙව්දත් තෙරගේ උපදෙස් මත නොමග ගිය අජාසත්ත රජුවත් මේ විධියට බුදුන් වහන්සේට අපහාස කලේ නෑ. මේ රටේ ඓතිහාසික ආගම ලෙස බුදු දහමට නිසි ගෞරවය ලබා දෙන්න අධිරාජ්‍යවාදින් පවා කටයුතු කළා ”