බිලියන 3 ක මත්ද්‍රව්‍ය තොගය ගැන අධිකරණ නියෝගයක්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද රුපියල් බිලියන 03 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට නියමිත බව වාර්තා වේ . කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ඊයේ (02) කළ නියෝගයකට අනුව මෙම වාර්ථාව කැඳවීමට නියමිතය.

ධීවරයන් එකොළොස් දෙනෙකු සන්තකයේ තිබී සොයා ගත් කිලෝග්‍රෑම් 263ක මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාර ධීවරයින් එකොළොස් දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109යි ග්‍රෑම් 422ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 112යි ග්‍රෑම් 258ක් සමග පසුගිය ජනවාරි 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.