මූල්‍ය ව්‍යාපාර කරගෙන යාමට මුදල් ව්‍යාපාර පනත යටතේ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර ඇති බලපත්‍රය ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩළය විසින් අවලංගු කර ඇත .
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය එම පනතේ ප්‍රතිපාදනයන් සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩවම කඩ කරමින් / පටහැනි ලෙස කටයුතු කර ඇති බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බිම්පුත් ෆිනැන්ස් සමාගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ දයා ගමගෙ සභාපතීත්වය උසුලන දයා ගෲප් සතු ආයතනයකි.