කුරුණෑගල සිට කුඹුක්ගැටේ දක්වා ධාවනය වන බස් රථයක ගමන් කරමින් සිටි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකු සහ ඊට අනුබල දුන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා පොලිස් අත් අඩංගුවට පවත්ව තිබේ.
පාසල නිමවී නිවෙස බලා යමින් සිටි මෙම දැරිය බැසිය යුතු ස්ථානයේ බස් රථය නොනවත්වා තවත් කිලෝමීටරයක පමණ දුරක් ඇයව සැකකරුවන් විසින් රැගෙන ගොස් මෙලෙස අතවර කර ඇත. ඒ වන විට බස් රථයේ සිට ඇත්තේ සිසුවිය සහ සැකකරුවන් තිදෙනා පමණි.
බස් රථය අතර මඟ නවත්වා, රියැදුරා සහ කොන්දොස්තරවරයා විසින් බස් රථයේ දොර වසා, අනෙක් සැකකරුට දැරිය අපයෝජනය කිරීමට ඉඩ සලසා දී ඇත
පසුව සැකකරුවන් ඇයට නිවෙස වෙත යෑමට ඉඩ සලසා ඇති අති අතර, ඇය පාසලේ ගුරුවරියකට මෙම සිදුවීම හෙළිකිරීමෙන් අනතුරුව පොලිසිය වෙත එය වාර්තා වීමත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.