බලංගොඩ කස්සප නමැති භික්ෂුවට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද (24) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එන්.එම් සම්සුදීන් නොතීසි නිකුත් කර ඇතිබව වාර්තා වේ .
ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම භික්ෂුව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ත්‍රිකුණාමල වරාය පොලිසිය පවසා ඇත්තේ, පසුගිය 16 වැනිදා උද්ගතවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන්, රෝහල් ගතවී සිටි බලංගොඩ කස්සප භික්ෂුවගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍ය අනුමැතිය මත උත්සාහ කළ නමුත්, භික්ෂුව එය ප්‍රතික්ෂේප කළ බවයි.