පොහොය නිසා පොහොට්ටුව මැයි දිනය අතහරී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර සිය මැයි දින රැළිය නොපැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම්, සාගර කාරියවසම් මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසූවේ මෙවර මැයි 01 වනදාට පසළොස්වක පොහොය යෙදී අති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවය.

නියමිත වෙසක් පොහොය යෙදී ඇත්තේ ද මැයි 01 වනදාට බවට ඇතැම් ස්වාමීන් වහන්සේලා පවසන පසුබිමක, ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මැයි 01 වනදා රැළිය නොපැවැත්වීමට පක්ෂය තීන්දු කළ බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් කම්කරු අයිතීන් සැමරිමේ වැදගත්කම සලකා මැයි මාසයේ වෙනත් දිනයක දැවැන්ත රැළියක් පැවැත්වීමට පක්ෂය කටයුතු කරන බව ඔහු පැවසීය .

ජනතාව ඒකරාශී කරගැනීමට ඇති අපහසුව නිසා පක්ෂය මැයි රැළිය මඟහරිනා බවට එල්ල වන චෝදනා පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ පසුගිය නොවැම්බර් 21 වනදා පැවැත්වූ දැවැන්ත ජනහමුව හරහා පක්ෂය දැනටමත් එම ප්‍රශ්ණයට පිළිතුරු ලබා දී ඇති බවයි .