පොලිස්පතිගේ සේවා දිගුවට අනුමැතිය නොලැබේ

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න ට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය.

ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහාය. මේ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතය.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.

මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පෙන්වා දුන්නේ පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් දැන් පවතින්නේ පොලිස්පතිවරයකු නැති රටක් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!