පෙරපාසලත් විධිමත් කරනවා. සුසිල් කියයි.

පෙරපාසලේ සිට ඉතා විධිමත්ව සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි.

අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය මුල සිටම පෙර පාසලේ දී ලැබිය යුතු බවත්, පෙරපාසල් අධ්‍යාපනයේ ද කඩිනමින් විධිමත් කරන බවත්, බෝමිරිය ජාතික පාසලේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *