පෙට්‍රල් මිල අඩු වෙයි .

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 ඔක්තෝබර් 31 වන දින මධ්‍යම රාත්‍රී 12:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කර ඇත . ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුවී ඇත. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ ගොස් ඇත.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්:

පැවති මිල: රු. 299.00
අඩුවීම: රු. (05.00)
නව මිල: රු. 294.00

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4:
පැවති මිල: රු. 313.00
වැඩිවීම : රු. (05.00)
නව මිල: රු. 318.00

තවත් ඉන්ධන වර්ග තුනක සිල්ලර මිල ගණන්වල වෙනසක් සිදු වී නොමැති අතර, ඒවායේ වත්මන් මිල ගණන් පහත පරිදි වේ.

ලංකා සුදු ඩීසල්: රු. 277.00
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4: රු. 355.00
ලංකා භූමිතෙල්: රු. 180.00