පුදුකුඩිඉරිප්පුවේදී අද ඇරඹුනු ජයගමු ශ්‍රී ලංකා

දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද (03) උදෑසන ආරම්භ වුණා.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්

මෙයට සමගාමීව විදේශගත ශ්‍රමික හරසර වැඩසටහන ද අද උදෑසන ආරම්භ වුණා.

විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිලාභ රැසක් මෙමගින් හිමි වෙනවා.

විදේශ රැකියා අපේක්ෂිතයන්ට තමන්ගේ රැකියා සිහිනය සැබෑ කරගැනීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සමග මුලතිව් දිස්ත්‍රික්කයට එක්වී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක්ද ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි කරගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාතාංශය දන්වා සිටියා.

මේ අතර මිනිස් වෙළදාම වැළැක්වීම සදහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සදහා මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ බිම් මට්ටමින් රාජකාරී කටයුතු සිදුකරන රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා.

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට වෘත්තීය ගරුත්වය සහ සාරවත්භාවය ලබාදෙන “ගරු සරු” වැඩසටහන ද අද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජනාධිපති අරමුදලේ සහාය ඇතිව විදේශ රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමේ අවස්ථාවන් ලබාදෙන, තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක ස්මාර්ට් යූත් වැඩසටහන හෙට (04) දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශ්‍රම වාසනා අරමුදලේ සහාය ඇතිව පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන ද හෙට සවස ක්‍රියාත්මක කෙරෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!