පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවු සැකකරුවන් 06 දෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් අද මරණ දඬුවම නියම කරනා ලදි .
මෙම සැකකරුවන් අද (10) අම්පාර මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු රුචිර ශ්රිනිත් මෙන්ඩිස් විජේසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනා ලදි .
2015 වසරේ අප්‍රේල් 14 වන දින පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී ලොරි රථයකින් යට කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබුණි.