පිල්ලෙයාන් රඳවා තබා ගැනීමට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි .

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය ඒ මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරි මඩුල්ලක් හමුවේ අද (09) කැඳවූ අවස්ථාවේදීය .

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත .