ජනප්‍රිය නිරූපිකා පියුමි හංසමාලිගේ හිමිකාරිත්වයෙන් යුතු Loliya Skin Company විසින් දිවයින පුරා බෙදාහරින රූපලාවණ්‍ය ආලේපනවල තත්ත්ව ප්රමිතීන් පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයට අයත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම ආලේපන අවශ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වේ දැයි තීරණය කිරීම සඳහා, පියුමි හංසමාලි විසින් අලෙවි කරන ආලේපන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
පියුමී හංසමාලී නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් උපය ඇති බවට වන පැමිණිල්ලක් පිළිබඳව සිදුකරනා පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණ සිදු වෙයි .