පාස්කු ප්‍රහාරයේ තුන්වැනි සැකකරු සුරේෂ් සලේ බව සී.අයි.ඩි. ය අධිකරණයට දන්වයි .

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට අදාළ විමර්ශනයේ තුන්වැනි සැකකරු ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ නම්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 25 වැනි දින සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු දැනට දින 90 ක රැදවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් CID අද (මාර්තු 05) කොළඹ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ පැවසීය. මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සාක්ෂි අනාවරණය වී ඇති බවද CIDය අධිකරණයට දැනුම්දී ඇත.

මෝසමක් ගොනුකිරීමෙන් CID මේ බව අධිකරණයට දැනුම්දුන්නේය.