ප්‍රභූ ආරක්ෂාවේ වෙනසක්

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වාර්තා මත ප්‍රභූ ආර­ක්ෂක කොට්ඨා­සයේ නිල­ධා­රීන් යෙද­වීම සම්බන්ධ­යෙන් වෙන­ස්කම් රැසක් සිදු කිරී­මට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රභූ ආර­ක්ෂාව දී ඇති පුද්ග­ල­යන්ගේ ආර­ක්ෂාව ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් මෙතෙක් තීර­ණ­යක් ගෙන නැතත්, ඔවුන්ට දිය යුතු නිල­ධා­රීන් සංඛ්‍යාව පිළි­බඳ නැවත සමාලෝ­ච­න­යක් කිරී­මට නිය­මි­ත බව වාර්තා වේ .

ඊට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිල­ධා­රීන් විවිධ සේවා සඳහා යොදවා ඇති ස්ථාන පිළි­බඳ විධි­මත් වාර්තා­වක්ද ආණ්ඩුව ලබා­ගෙන තිබේ. එම වාර්තා­වට අනුව සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ගේ සේවය ගන්නා ස්ථාන වර්ගී­ක­ර­ණය කොට, ඒ ස්ථාන­ව­ලට අනු­යුක්ත කෙරෙන නිල­ධා­රීන් සංඛ්‍යාව කොප­ම­ණද යන්න සම්බ­න්ධ­යෙන් ද තීරණ කිහි­ප­යක් ගැනී­මට නිය­මි­තය.