ප්‍රබල භූ කම්පනයකින් පැපොවා නිව්ගිනි‍යාව සෙළවේ .

පැපුවා නිව්ගිනියාවේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

කෙසේ වෙතත් මෙම භූකම්පනයට අදාලව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.