ලංකා ව්දුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ 2000 ක් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවෙන බව වර්තා වේ. ඒම පිරිස අතර විදුලි ඉංජිනේරුවන් 100 කට ආසන්න ප්‍රමාණයක්ද ව්න බව විදුලිබල මණ්ඩළ ආරංචිමාර්ග පවසයි .
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි සේවකයන් සමාගම් කිහිපයකට අනුයුක්ත කිරීමටත්, ඊට අකමැති සේවකයන් ස්වේච්චා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමටත් අවස්ථාව හිමිවේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඉංජිනේරුවන්ද ඇතුළු 2000 කට ආසන්න පිරිසක් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේවන විට ලංකා විදුලි බල මණ්ඩළයේ ඉංජිනෙරු ධාරිතාව 1000 ක් වියයුතු මුත් එහි සේවයේ යෙදෙන්නේ ඉංජිනේරුවන් 600 ක් පමණක් බව වාර්තා වේ. එම පිරිසෙන් 100 දෙනෙක් ඉවත් වීම නිසා ලංකා විදුලි බල මණ්ඩළය පවත්වාගෙන යාම පවා අසිසිරු විය හැකි බව එහි සේවකයෝ පවසති.