ප්රධාන ගංගා සියල්ලේම පාහේ ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කළාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතී.
ඒ අනුව ඉහත සඳහන් කළ පළාත්වල අද (25) සිට නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් සියලුම ගංගාවන්හී පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි ..