ආන්දෝලනාත්මක බහාළුම් 323 නිදහස් කිරීමට අදාල යෝජනාවක් අද කථානායකවරයාට බාර දී ඇත .
කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි එම යෝජනාව මගින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන එක්ව සිටියේය.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානකද එම අවස්ථාවට එක්වවිය .