නුවරඑළියේ එළවළු හිඟයක් නෑ. ජනපති ඉදිරියේ නිළධාරීහු පවසති

අයහපත් කාලගුණය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 1421 ක එළවළු වගාවන්ට හානි සිදුව තිබෙන බව වාර්තා වේ . මේ බව වර්තා වූයේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ ඊයේ පැවති සාකච්චාවකදීය .

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද මෙම සාකච්චාවේදී කරුණු දැක්වූ කෘෂිකර්ම නිළධාරීහු මේ බව ජනාධිපතිවරයාට පැහැඳිළි කළහ.

එම වගා හානිය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළව එළවළු අස්වැන්නෙහි අඩු වීම 25්‍ර% නොඉක්මවන බවත්, ආපදාවට පෙර නුවරඑළියේ පැවති දෛනික එළවළු සැපයුම තවමත් සිදුකළ හැකි නමුත් එළවළු සඳහාවන දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නිරීක්ෂණය වන බවයි ඕවුහු පැවසූහ .

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟ බවත්, මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් පළවන අසත්‍ය’පුවත් හේතුවෙන් ගැනුම්කරුවන්ගේ පැමිණීම අඩුවීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙනා බව කෘෂි නිළධාරීහු පවසති.

වගා හානි සඳහා ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන්නේය.