අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු වෙකු කළ නීතීඥයෙකුට වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂඨාධිකරණය නියම කර ඇත .
සුසිල් ජයතුංග නම් මෙම නීතීඥයාගේ නීතිඥභාවය මීටපෙර අත්හිටුවා තිබෙන අතර ඔහුට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ . ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වනවා.
එම වග උත්තරකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදි .
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු අචල වෙංගප්පුලි මෙම වග උත්තරකරුට පෙර වැරදි නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී අධිකරණය ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව එහිදී සඳහන් කළේය .
ඊට අමතරව වග උත්තරකරු තිදරු පියෙකු යන කරුණත් සලකා බලා ඔහුට වසර තුනක සිරදඬුවම් නියම කරන බවත්, මෙම වග උත්තරකරු රිමාන්ඞ් භාරයට පත් කළ 2024 වසරේ ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම සිරදඬුවම ක්‍රියාත්මක වන බවත් විනිසුරුවරයා සිඔය තින්දුව ප්‍රකාශයට පත්කරමින් පැවසීය .
නඩු විභාගයක් සඳහා පෙනී සිටින අතරතුරදී අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් සහ නීතිඥවරයෙකුට නොගැලපෙන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි චෝදනා කරමින් කලින් නීතිඥවරයෙකුව සිටි වග උත්තරකාර සුසිල් ජයතුංග එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි