අනාගත නායයෑම් අවදානම් තක්සේරු කිරීම සඳහා දියුණු ත්‍රිමාණ තාක්‍ෂණයේ සහාය ඇතිව ඉඩම් හඳුනාගැනීමේ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වන බව සහකාර අධ්‍යක්ෂ එල්.ඒ.කේ. රණවීර පැවසුවේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුරගේ නායකත්වයෙන් යුත් ත්‍රිමාණ සමීක්ෂණයක්, යහන්ගල කන්ද සහ හසලක උගතාව සහ නෙළුම්මල ඇතුළු අවට ගම්මානවල වර්ග කිලෝමීටර් 10 ක් පමණ ආවරණය වන පරිදි දැනටමත් සිදුකර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය .